Friday, September 2, 2011
නාමල් රාජපක්ෂ ට එරෙහි තුෂාර ජයරත්න ගේ පෙත්සම විභාගයට ගැනේ..
පසු ගිය වරේ ඔක්තෝබර් මස පවත්වන ලද ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය අවසන් වසර විභාගයේ දී නාමල් රාජපක්ෂ විභාග අපේක්ෂකයාට විශේෂ සැළකිලි දැක්වීමෙන් තමන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින්, එම විභාගයේ ම අපේක්ෂකයෙක් වූ දහනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න විසින්ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම ඊයේ (සැප්තැම්බර් 01) විභාගයට ගැනුණි.
මේ අවස්ථාවේ දී මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස ශිරාණි තිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අධිකරණයට දැන් වූවා ය.
සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සමාජිකාවක් ලෙස තමා ද සිටින බැවින්, ඊට එරෙහිව තිබෙන මෙම පෙත්සම විභාග කිරීම ස්වාභාවික යුක්ති මූල ධර්මයට එකග නො වන බැවින් පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස වන ඉල්ලීමෙහි ඇතුළත් වෙයි.
මෙම විභාගය පැවැත් ළුීමේ දී සමානයන්ට සමාන ලෙස සැළකීමේ මූලික නීතිය නාමල් රාජපක්ෂ නිසා උල්ලංඝනය වූ බවට, තුෂාර ජයරත්න චෝදනා කර සිටී. එම විභාගයේ දී නාමල් රාජපක්ෂ වෙනුවෙන් වායු සමනය කළ විශේෂ කාමරයක් සපයා එයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පහසුකම ද ලබා දී තිබුණි.
තුෂාර ජයරත්න නීති සිසුවා ගේ පෙත්සමෙන් සංස්ථාපිත නීති අධ්‍යයන ආයතනයේ ප්‍රධානී වශයෙන් අග්‍ර විනිශ්චයකාරවරයා, නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ එම විභාගයේම අපේක්ෂකයෙක් වූ නාමල් රාජපක්ෂ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
මෙම පෙත්සම සැප්ත්ම්බර් 25 වන දින, FR 223 /2011 යටතේ යළි සළකා බැලීමට නියමිත ය http://www.lankacitizen.com/index.php/si/inside/local/381-thushara-jayarathna-and-namal-rajpaksha
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment